කොළඹ දිස්ත්‍රික් ලේකම්/මහා දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පක් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කඩිනම් බෝග වගා කිරීමේ වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දායකත්වය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (20) සිදු කරන ලදී. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක ද සිල්වා මහතා , කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සැලසුම් සහකාර අධ්‍යක්ෂ දිල්හානි රූපසිංහ මහත්මිය, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් , වසම් භාර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සහභාගි විය.එහිදී පහත ස්ථාන නිරීක්ෂණය කරන ලදී.

1. මුල්ලේරියාව නැගෙනහිර මූලික රෝහල් පරිශ්‍රයේ අලුතින් සකස් කල දහසකට අධික මංඥොක්කා වගාව හා වාට්ටු අවට සහ නිල නිවාස අවට වගාව (මෙම අවස්ථාවට එම රෝහල් අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ඇතුලු එහි නිලධාරීන් සහභාගි විය.)

2.විශේෂ වෛද්‍ය පුන්සිත් ගුණවර්ධන මහතාගේ මල්ගම පිහිටි ගෙවත්ත 

3. මල්පුර විශාල පැල තවාන 

4. මණ්ඩවිල විහාරස්ථානය අවට වගාව 

5. කැලණිමුල්ල ශ්‍රී සුමන පෙර පාසැල් ආදර්ශ වගාව (මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා එම පෙර පාසැලේ දරුවන් සමග පැලයක් රෝපනය කරන ලදී

.6. දහම්පුර ආදර්ශ ගෙවත්ත (මෙහිදී බීජ කට්ටල පැකට් දිසාපතිතුමා විසින් එම මහත්මියට ලබාදෙන ලදී.

Scroll To Top