ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සංඛේතාත්මකව වවුචරපත් ලබාදීම අගෝස්තු මස 18 වන දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කළ අතර එම පිරිස් වෙත ලබාදුන් උපදෙස් වලට අනුව පවුලේ අයට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමට කොලොන්නාව කාගිල්ස් ෆුඩ්සිටි ආයතනය වෙත කොළඹ දිස්ත්‍රික් ලේකම් හා මහදිසාපති ප්‍රදීප් යසරත්න මහතා ඇතුලු නිලධාරීන් ද සහභාගි විය.ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සංඛේතාත්මකව වවුචරපත් ලබාදීම අගෝස්තු මස 18 වන දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කළ අතර එම පිරිස් වෙත ලබාදුන් උපදෙස් වලට අනුව පවුලේ අයට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමට කොලොන්නාව කාගිල්ස් ෆුඩ්සිටි ආයතනය වෙත කොළඹ දිස්ත්‍රික් ලේකම් හා මහදිසාපති ප්‍රදීප් යසරත්න මහතා ඇතුලු නිලධාරීන් ද සහභාගි විය.එහිදී ඔවුන් තමන් විසින් තෝරාගත් ආහාර ද්‍රව්‍ය අවශ්‍යතා පිළිබදව එම නිලධාරීන් සමග සුහද අදහස් දැක්වීමක් සිදු කරන ලදී.එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා , ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ හා එම වැඩසටහනේ නියෝජ්‍ය අධ්යක්ෂ කේ.සෝමතිලක මහතා , එම වැඩසටහනේ අධ්යක්ෂ අබ්දුර් රහීම් සාදික් මහතා , ලෝක ආහාර වැඩසටහනේ අත්‍යාවශ්‍ය සේවා නිලධාරී ඉන්දු අබේරත්න මහතා ඇතුලු එම වැඩසටහනේ නිලධාරීන් සමග කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය ඇතුලු නිලධාරීන් සහභාගි විය.




















