2025.09.01 කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරේ සේවයට නව පත්වීම් ලබා ස්ථාන මාරු වී පැමිණි කේ.එම්.ඩී. චන්ද්‍ර රත්න මහත්මිය වැඩ භාර ගැනීම.
මෙම කාර්යාලයේ සේවයට පැමිණීමට ප්‍රථම එම මහත්මිය කුරුණෑගල මහ නගර සභාවේ
නාගරික ලේකම්වරිය ලෙස සේවය කරමින් සිට ඇත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක පුජ්‍ය අගුණකොළපැලැස්සේ විපුලසිරි හිමියන් විසින් ආගමික වතාවත් සිදුකොට එතුමියට සෙත් ප්‍රාර්ථනා කළහ.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, ගණකාධිකාරී චානක ප්‍රසාද් මහතා, සහකාර අධ්යක්ෂ සැලසුම් පී.ඩී.රූපසිංහ මහත්මිය, පරිපාලන නිලධාරී ජයන්ති මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු හිමාලි චන්ද්‍රසේන මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී ප්‍රදීපා ආරියරත්න මහත්මිය ඇතුළු කාර්යාලීය නිලධාරීන් පිරිසක් සහභාගී විය.


















