කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.08.21 දින පෙ.ව. 10.00ට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ පාසල් හැරයන තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන් හඳුනාගෙන, සුදුසු වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන ලෙස නිලධාරීන් දැනුවත් කරන ලදී. එමඟින් තරුණ පිරිසට ස්වයං රැකියා අවස්ථා මෙන්ම සුදුසු වෘත්තීය ක්ෂේත්‍ර වෙත යොමුවීමටද මහත් පිටිවහලක් සැලසෙන බව අවධාරණය කෙරිණි.
තවද, කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජනතාව මුහුණ දෙන පොදු ගැටලු විසඳීම මෙන්ම 2026 වසර තුළ ආරම්භ කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
පාසල්වල පවතින අඩුපාඩු, නව ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන් දැනුවත් කරන ලදී. එමෙන්ම “දිට්වා” ආපදා සහන ගෙවීම්, කොලොන්නාව නගර සභාව හා කොටිකාවත්ත–මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු, මෙන්ම ඩෙංගු මර්දන වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුනි මහතා, කොටිකාවත්ත–මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ (සැලසුම්) පී.ඩී. රූපසිංහ මහත්මිය, කොට්ඨාසයේ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, වසම් භාර ග්‍රාම නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, කාර්යාලීය නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.


















