පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න හා හරිතවත් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන “අත්තම” පරිසර වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, 2026 සැප්තැම්බර් 19 වන දින සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
මෙහිදී,
🔹 වෙන්නවත්ත වංශිකාරාම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ප්‍රජා ශක්ති කමිටුව, මහජන ආරක්ෂක කමිටුව, ආපදා සමිතිය සහ කාන්තා සමිතිය එක්ව ක්‍රියාත්මක කරන ලදී.
🔹 505/බී ගොතටුව නව නගර ග්‍රාම නිලධාරී වසම තුළ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සිට කාගීල්ස් ෆුඩ් සිටි දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
🔹 506/බී බටලන්දහේන ග්‍රාම නිලධාරී වසම තුළ ඩෙංගු මර්දනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
🔹 මීතොටමුල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගය අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.
🔹 අඹතලේ කලටුවාවත්ත විහාරස්ථානයට යන මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
මෙම වැඩසටහන් සඳහා ප්‍රජා ශක්ති කමිටු, මහජන ආරක්ෂක කමිටු, කාන්තා සමිති, ආපදා සමිති ඇතුළු ප්‍රජා සංවිධාන හා ප්‍රදේශවාසී ජනතාවගේ සක්‍රීය සහභාගීත්වය හිමි විය. 🤝
🌿 පිරිසිදු පරිසරයක් – සෞඛ්‍ය සම්පන්න ජනතාවක් – හරිතවත් අනාගතයක්!
අපේ ගම, අපේ පරිසරය පිරිසිදුව හා සුරක්ෂිතව පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි.
7
 
Scroll To Top