කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ ගොතටුව සමෘද්ධි කලාපයේ ගොතටුව නව නගරය වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන කාර්යාලය විවෘත කිරීම හා සහන අරුණළු ණය නිකුත් කිරීම  කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් සී.ඒ.කේ. පරණමාන මහතා  අතින් 2021.07.27සිදු විය. ගෞරවනීය සහභාගීත්වය මූලස්ථාන සමෘද්ධි කලමනාකරු හිමාලී චන්ද්‍රසේන මිය, කලාප කලමනාකරු  ඉන්ද්‍රානි ගුරුගේ මිය, බැංකු සමිති කලමනාකරු  වජිර පෙරේරා මහතා, සමාජ සංවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා, කලාප සහකාර කලමනාකරු  සංජීව පියශාන්ත මහතා, ග්‍රාම  නිලධාරි ප්‍රියංගනී මහත්මිය ,සංවර්ධන නිලධාරි සුජීව  සම්පත් මහතා සමෘද්ධි සංවර්ධන  නිලධාරි අසේල අචලංක මහතා , ව්‍යාපෘති කලමනාකරු ජේ. සෙනෙවිරත්න මහතා, සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන ගරු සභාපතිනි කලණි ගයන්තිකා මහත්මිය හා විධායක කමිටු ගරු සභාපති වත්මිණි මිය.කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත කරන ලද එවැනි පළමු බැංකුව ඇතුලු මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම බැංකු ගණන ලෙස කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විවෘත වූ මුලු බැංකු ගණන මේ වනවිට 15කි. ඉදිරියේදී තවත් බැංකු කිහිපයක් ම විවෘත කිරීමට නියමිතව තිබේ.

 

Scroll To Top