කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ හා කොලඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ .ජී .එස්. අශෝක කුමාර මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සමෘද්ධි පවුල් ලක්ෂ 02 ක් සවිබල ගැන්වීම හා ඔවුන්ගේ පවුල් වල පෝෂණය වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් ජාතික ගෙවතු වගා සංවර්ධන වැඩසටහන - 2021/2022 මහ කන්නය සදහා කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ නිල උත්සවය - 2021.09.10 දින කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් සී. ඒ.කේ. පරණමාන මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණි.
මෙහිදී පොල් පැල හා එලවලු බීජ වර්ග බෙදා දීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට මූලස්ථාන සමෘද්ධි කලමනාකරු හිමාලී චන්ද්‍රසේන මිය, මහ සංගමයේ කළමනාකාරු වජිර පෙරේරා මහතා , කොලොන්නාව කලාප කලමනාකරු අජිත් වසන්ත ජයලාල් මහතා, ව්‍යාපෘති කලමනාකරු ජේ.සෙනෙවිරත්න මහතා , සමාජ සංවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා, කලාප සහකාර කලමනාකරු ජගත් චන්ද්‍රසිරි මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරි චින්තක මුතුකුමාරණ මහතා හා පොල් පැල හා එලවලු බීජ වර්ග ලබා ගැනීමට පැමිණි සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන් ද එක් විය.





















