"BE HAPPY WITH YOUTH - තාරුණ්‍ය සමඟ ජිවිතය විඳින්න" යන තේමාව යටතේ ජනතාවගේ මානසික සුවතාවය උදෙසා ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන සංගීත හා නාට්‍ය ප්‍රසංග මාලාවේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙවන වැඩසටහන 2021. 09.15 දින සාලමුල්ල ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ දී සාර්ථකව පවත්වන ලදී.
එම පැවැති සංස්කෘතික සංදර්ශන ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති හා තරුණ කටයුතු අධ්යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා ඇතුලු එම සභාවේ නිලධාරීන්, කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උප සභාපති අජිත් රෝහණ සුභසිංහ මැතිතුමා හා ගරු ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ජානක ශ්‍රී වර්ණසිංහ මහතා සහභාගි විය.
ප්‍රදේශය නියෝජනය කරමින් කොලොන්නාව නගර සභාවේ ගරු සභාපති ගුත්තිල ද සිල්වා මැතිතුමා , උප සභාපති අනුර ලියනගේ මැතිතුමා හා නාගරික මන්ත්රීනී මාලා මැණිකේ මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි විය.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , වසම භාර ග්‍රාම නිලධාරි ඉන්දිරා වන්නිනායක මහත්මිය ,වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි චින්තක මුතුකුමාරණ මහතා,තරුණ සේවා නිලධාරි තරිඳු රංගන මහතා හා කොලොන්නාව තරුණ බල මණ්ඩල සාමාජිකයන් සහභාගිත්වයෙන් හා සංවිධාන කටයුතු සම්බන්ධීකරණයෙන් එක්විය.





















