"2021 සිරස් ගෙවතු වගා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනේ කොලොන්නාව හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සිරස් අවකාශ භාවිතයෙන් ගෙවතු වගාව සිදුකරන ප්‍රතිලාභීන් සඳහා භාණ්ඩ බෙදා දීම හා පුහුණු වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.ජයකොඩි මහතා සමග කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ එච්. එම් නාගහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.11.06 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහි අරමුණ වූයේ ගෙවතු වගාවෙහි නියැලීමට ප්‍රතිලාභීන් දිරිමත් කරමින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දීම සහ ඊට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබාදෙමින් ගෙවතු වගාව නගා සිටුවීමට අනුග්‍රහය ලබා දීමයි. පුහුණු වැඩසටහන මෙහෙයවීම දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක සමිත මධුසංඛ මහතා වන අතර සංවිධානය - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂි සංවර්ධන නිලධාරි සුබෝධා පේමසිරි මහත්මිය.





















