ප්‍රථම වරට විදේශ ගතව විදෙස් රටවල සේවය කරන විදෙස් ගත පුද්ගලයන්ගේ කලත්‍රයා හෝ දූ දරුවන් උදෙසා විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යංශය මගින් පිරිනමන රුපියල් 10000.00 වවුචර බෙදාදීම 2025.08.04 අද දින පෙරවරුවේ කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. ප්‍රාදේශිය ලේකම් ප්‍රියනාත් පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට පරිපාලන නිලධාරි දීපිකා ජයන්ති මහත්මිය සහභාගී විය . සංවිධානය විදේශ රැකියා අමාත්‍යාංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් වන නෙරංජන්, සුමනසිරි, උපේක්ෂා හා ශානිකා විසිනි.







කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මත්ද්‍රව්‍ය භාවිතයේ අවදානමක් පවතින අඩු ආදායම්ලාභී ජනතාව කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ආශ්රිත ගැටලු විසඳා ගැනීම සඳහා සේවා ඒකාබද්ධ කිරීමේ විශේෂ ජංගම සේවා වැඩසටහනක් වසම් දහයක් මූලික කර ගනිමින් ක්‍රියාත්මක විය.



























