නිරිතදිග මෝසම වෙනුවෙන් මුහුණ දීමට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පූර්ව සූදානම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් වෙනුවෙන් සාකච්ඡාවක් 2026.05.11 දින නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය දිනේෂි චන්ද්‍රරත්න මහත්මිය, කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි මහතා, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මහතා, කැලණිමුල්ල යුධ හමුදා කදවුරේ මේජර් එම්. සී. ප්‍රසාද් මහතා, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන්, සියළුම වසම් භාර ග්‍රාම නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ කොලොන්නාව ආපදා කමිටු නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

රට තුල නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් සමග ලැබී ඇති පුරෝකථනයක්ට අනුව කොළඹ දිස්ත්‍රික්ක‌‌යේ කොලොන්නාව බල ප්‍රදේශයේ ජනතාවට ගංවතුර ආපදා අවම කිරීම වෙනුවෙන් ආපදා අවදානම හදුනාගෙන පූර්ව සූදානම් වැඩපිළිවෙලක් සහ පශ්චාත් සහන සුරක්ෂා වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ අරමුණින් ඉදිරි ගංවතුර තත්ත්වයන්ට පූර්ව සූදානම් වීම සහ මහ ජනතාවගේ ආරක්ෂාව, සුභසාධනය සලසාදීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී සාකච්ඡාවට ගැනිණි.

මෙම කර්තව්‍ය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතන, ආපදා සහන සේවා නිලධාරීන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් එකම යාන්ත්‍රණයකට ගොනුකර ඒකාබද්ධ වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතය. මෙම ප්‍රජා ආරක්ෂිත වැඩපිළිවෙල ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව බෝට්ටු සේවා, සුරක්ෂා මධ්‍යස්ථාන, මහජන සෞඛ්‍ය මධ්‍යස්ථාන පවත්වා ගැනීමටත් හදිසි ගලවාගැනීම් මෙහෙයුම් සදහාත් ආහාර බෙදාහැරීම් ඇතුළු මානුෂීය ආධාර සැපයීම විධිමත් කිරීමත් සිදුකෙරේ..

1

2

6

7

Scroll To Top