කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ විසිතුරු මල් ගම්මාන වැඩසටහනෙහි සමාරම්භක උත්සවයක් 2021. 07.04 දින මණ්ඩවිල ශ්‍රී අබේසුමනාරාම විහාරය ආසන්නයේ වැව ඉදිරිපිට දී පවත්වන්නට යෙදුනි. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ විසිතුරු මල් ගම්මාන වැඩසටහනෙහි සමාරම්භක උත්සවයක් 2021. 07.04 දින මණ්ඩවිල ශ්‍රී අබේසුමනාරාම විහාරය ආසන්නයේ වැව ඉදිරිපිට දී පවත්වන්නට යෙදුනි. මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමා, කොළොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති අජිත් සුභසිංහ මැතිතුමා , ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ඇතුලු දේශපාලන අධිකාරියේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂක සේනක ද සිල්වා මහතා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්. ඒ.පී. ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, සහකාර අධ්යක්ෂ ( ක්‍රම සම්පාදන ) අනුෂ්ක සිරිවර්ධන මහතා, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්, සහ කොලොන්නාව මල් වගා කරුවන් ඇතුලු මහජන සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි.කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්. ඒ. පී. ජයකොඩි මහතාගේ උපදෙස් මත සහකාර අධ්යක්ෂ ( ක්‍රම සම්පාදන) අනුෂ්ක සිරිවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් කොලොන්නාව ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සැලසුම් අංශය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබු අතර ඒ සදහා නිරන්තරයෙන් සහය ලබා දෙන ප්‍රාදේශීය සභා සහ නගර සභාවේ සහය ද ලබා දුනි.
























