vertual 01

vertual 01

vertual 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

25
අගෝ2026
කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.08.21 දින පෙ.ව. 10.00ට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ පාසල් හැරයන තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන්...

27
මැයි2026
 ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ  තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර (සේවක සංඛ්‍යාව 50 ට අඩු හෝ වාර්ෂික ආදායම මිලියන 350 ට අඩු ව්‍යාපාර) හානි හිමියන් සඳහා දීමනා ගෙවීම. (මෙය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා එක් වරක් පමණක් ලබාදෙනු ලබන දීමනාවකි) පහත ලිපියෙහි ඉදිරිපත් කර ඇති...

27
මැයි2026
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම. පහත ලිපියෙහි ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛන වල QR කේතයන් මගින් පහත ලේඛන භාගත කර ගත හැකිය.

14
මැයි2026
නිරිතදිග මෝසමට මුහුණ දීමට පූර්ව සූදානම

නිරිතදිග මෝසමට මුහුණ දීමට පූර්ව සූදානම

නිරිතදිග මෝසම වෙනුවෙන් මුහුණ දීමට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පූර්ව සූදානම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් වෙනුවෙන් සාකච්ඡාවක් 2026.05.11 දින නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය දිනේෂි චන්ද්‍රරත්න මහත්මිය, කොලොන්නාව නගර...

    Information Officer

Mr. C.A.K.Paranamana

Assistant Divisional Secretary

Office  - 011 254 7515 / Mobile - 071 494 2493

Right to Information ACT

  • ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
  • පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව - මාළිඟාවත්ත
  • ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
  • සමාගම් මැදුර
  • කොළඹ මහ නගර සභාව
  • බස්නාහිර පළාත් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
  • විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
  • බස්නාහිර කලාප කාර්යාලය - දෙල්කද
  • මධ්‍යම ලේඛනාගාරය - මාළිඟාවත්ත
  • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

ආයතන අංශය

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

  • ගුණසිංහපුර පැත්තෙන් හෝ ගෑස්පහ හන්දිය පැත්තෙන් පිටකොටුවට ඇවිත් වේල්ල වීදිය පාරට පැමිණ වේල්ල වීදිය පොලීසියත් සමඟ ඇති ගොඩනැගිල්ල කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වේ.

ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම

  • මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 35 සඳහා ග්‍රාම නිලධාරී අංක නොමැත.

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

  • මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.

මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?

  • මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
  • අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
  • වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
  • ජාතික හැදුනුම්පත.

විදුලි බිල්පත් නම් මාරු කිරීමේදී ගෙන ආයුතු ලේඛන මොනවාද?

  • විදුලිය ලබා ගැනීමට අදාල ස්ථානයේ අයිතිය සනාථ කරන ඔප්පු
  • නිවාස සංවර්ධන අධිකාරියෙන් හෝ නගර සභාවෙන් ඉදිරිපත් කරන ලද අයිතිය තහවුරු කරන ලිපිය
  • ජාතික හැදුනුම්පත

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

  • දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

  • දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
  • මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top