"BE HAPPY WITH YOUTH - තාරුණ්‍ය සමඟ ජිවිතය විඳින්න" යන තේමාව යටතේ ජනතාවගේ මානසික සුවතාවය උදෙසා ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන සංගීත හා නාට්‍ය ප්‍රසංග මාලාවේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙවන වැඩසටහන 2021. 09.15 දින  සාලමුල්ල ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ දී සාර්ථකව පවත්වන ලදී.
එම පැවැති සංස්කෘතික සංදර්ශන ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති හා තරුණ කටයුතු  අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා ඇතුලු එම සභාවේ නිලධාරීන්, කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උප සභාපති අජිත් රෝහණ සුභසිංහ මැතිතුමා  හා ගරු ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ජානක ශ්‍රී වර්ණසිංහ මහතා සහභාගි විය.
ප්‍රදේශය නියෝජනය කරමින් කොලොන්නාව නගර සභාවේ ගරු සභාපති ගුත්තිල ද සිල්වා මැතිතුමා , උප සභාපති අනුර ලියනගේ මැතිතුමා හා නාගරික මන්ත්‍රීනී මාලා මැණිකේ මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි විය.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , වසම භාර ග්‍රාම නිලධාරි ඉන්දිරා වන්නිනායක මහත්මිය ,වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි චින්තක මුතුකුමාරණ මහතා,තරුණ සේවා නිලධාරි තරිඳු රංගන මහතා හා කොලොන්නාව තරුණ බල මණ්ඩල සාමාජිකයන් සහභාගිත්වයෙන් හා සංවිධාන කටයුතු සම්බන්ධීකරණයෙන් එක්විය.
  කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ හා කොලඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ .ජී .එස්. අශෝක කුමාර මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සමෘද්ධි පවුල් ලක්ෂ 02 ක් සවිබල ගැන්වීම හා ඔවුන්ගේ පවුල් වල  පෝෂණය වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් ජාතික ගෙවතු වගා සංවර්ධන වැඩසටහන  - 2021/2022 මහ කන්නය සදහා කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ නිල උත්සවය - 2021.09.10 දින කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් සී. ඒ.කේ. පරණමාන මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණි.
 
මෙහිදී පොල් පැල හා එලවලු බීජ වර්ග බෙදා දීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට මූලස්ථාන සමෘද්ධි කලමනාකරු හිමාලී චන්ද්‍රසේන මිය, මහ සංගමයේ කළමනාකාරු වජිර පෙරේරා මහතා , කොලොන්නාව කලාප කලමනාකරු අජිත් වසන්ත ජයලාල් මහතා, ව්‍යාපෘති කලමනාකරු ජේ.සෙනෙවිරත්න මහතා , සමාජ සංවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා, කලාප සහකාර කලමනාකරු ජගත් චන්ද්‍රසිරි මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරි චින්තක මුතුකුමාරණ මහතා හා පොල් පැල හා එලවලු බීජ වර්ග ලබා ගැනීමට පැමිණි සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන් ද එක් විය.
 

 මුරුංගා පැල බෙදාදීමේ වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 512 ඒ සාලමුල්ල  ,512සී ගජබාපුර යන ග්‍රාම නිලධාරි  වසම් වල මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා හා කොලොන්නාව නගර සභා මන්ත්‍රීනී මාලා මැණිකේ මහත්මිය,කොලොන්නාව සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ කළමනාකාරු අජිත් වසන්ත ජයලාල් මහතා ,සමෘද්ධි සංවර්ධන නිලධාරි චින්තක මුතුකුමාරණ මහතා  ඇතුලු පිරිසක් සහභාගි විය. මේ සදහා දායකත්වය - කොලොන්නාව ගොවි ජන සේවා මධ්‍යස්ථානය වසම භාර කෘපනිස නිලධාරි - තුශාරි ශර්මිලා පීරිස් මහත්මිය, සම්බන්ධීකරණය - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසම්  භාර නිලධාරීන් හා මාධ්‍ය ආවරණය - සුනෙත් හේවාවිතාරණ මහතා , ස්වාධීන රූපවාහිනී සේවය.

 

කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින අඩු ආදායම්ලාභී  පවුල් සදහා රු.2000/- දීමනාව ලබාදීම  කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි ග්‍රාම නිළධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් වසම් මට්ටමින් ක්‍රියාත්මකව පවතී.

 

කෝව්ඩ් ග්‍රාමීය කමිටු රැස්වීම් සහ නිරෝදායන පවුල් සදහා වියලි ආහාර හා ප්‍රතිශක්තිවර්දක ඖෂධ බෙදාදීම.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි වසම් මට්ටමින් කෝව්ඩ් ග්‍රාමීය කමිටු රැස්වීම් පවත්වා කොලොන්නාව කොට්ඨාශය තුල ඉදිරි කොවිඩ්-19  රාජකාරි පිළිබදව සාකඡචා කල අතර  නිරෝදායන පවුල් සදහා වියලි ආහාර හා ප්‍රතිශක්තිවර්දක ඖෂධ බෙදාදීමද මෙහිදී සිදු විය.

Scroll To Top