ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
About Us
අපගේ දැක්ම
ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීම තුලින් කාර්යක්ෂමව හා ඵලදායිව ජනතාවට උපරිම සේවයක් සැපයීමඅපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය, ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන ජීවිත නංවාලීමකොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිලිබද හැදින්වීම
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් හෙළ ලක්දිව පළාත් 09 කට බෙදා ඇත. මේ පළාත් අතුරින් බස්නාහිර පළාතට මුල් තැනක් හිමිවන්නේ ප්‍රධාන අගනුවර වන කොළඹ එම පළාතට අයත් වීම නිසාය. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි කොලොන්නාව ප්‍රදේශය විශාල ගතිකතාවයන්ගෙන් යුත් ප්‍රදේශයකි. ඓතිහාසික හා වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කිරීමේ දී විශාල පරිවර්තනයන්ට භාජනය වී ඇති බව පසක් කර ගැනීමට හැකි ය.
අතීතයේ කොළොන්නාවේ සීමාවන් වූයේ උතුරින් මනහර කල්‍යාණි නදියත්, දකුණින් කෝට්ටේ රාජධානියත්, නැගෙනහිරින් සීතාවක රාජධානියත්, බස්නාහිරින් කොළඹ අගනුවරත් ය. කොළොන්නාව එදා කොළඹ නගරයටම අයත් වූ භූමිභාගයකි. ඉතා රමණිය භූමි ප්‍රෙද්ශයක් වන මෙහි කෘෂිකාර්මික කටයුතු සාර්ථකව කෙරුණු බවට ඇළ වේලි සාක්ෂි දරයි. මෙකල කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ අඩක් පමණ උතුරු කොළඹට හා අඩක් අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයට අයත්ව තිබුණි. එසේ කෘෂිකාර්මික ආර්ථිකයකට උරුමකම් කී මෙම ප්‍රදේශය කර්මාන්ත ආර්ථිකයකට පෙරළීමත් සමඟම වෙනස් වු ආර්ථික සාමාජික හා පාරිසරික තත්ත්වයන් මෙහි ජීවත් වු ප්‍රජාවන් කෙරෙහි විවිධ වු ආකාරයෙන් බලපා තිබේ. විශේෂයන්ම ග්‍රාමීය පරිසරය වෙතින් නගරබදව මිනිසුන් ඇදී ඒමත් සමඟ නගර ජනාකීර්ණ වීම කුඩා ඉඩ ප්‍රමාණයන්ගෙන් අනවසර පැල්පත් ඉදිවීම ආදිය දක්නට ලැබේ.
වර්තමානයේ පවත්නා කොළොන්නාව මැතිවරණ කොට්ඨාසය වෙන් කරන ලද්දේ 1960 දශකයේය. ඉන්පසුව මෙය කොළඹින් වෙන් වූ ප්‍රෙද්ශයක් බවට පත් විය. මේ වන විට ග්‍රාම සේවා වසම් 46කින් සමන්විත වේ. මෙම කොට්ඨාශය ජන සංයුතිතය අතින් විවිධ වන අතර සිංහල, ශ්‍රී ලංකා ද්‍රවිඩ, ඉන්දියනු ද්‍රවිඩ, යෝනක, මැලේ, බර්ගර් ආදී වශයෙන් ජන විවිධත්වයක් ප්‍රදේශය පුරා විසිර පවති.
භූ විෂමතා කලාප අනුව වෙරළබඩ තැනිතලා කලාපයට අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වගුරු බිම් හා ජලයෙන් යට වූ ප්‍රදේශ හැරුණු විට වෙනත් කැපී පෙනෙන භුමි ලක්ෂණ ප්‍රදේශය පුරා විසිර පවතී.
කොට්ඨාශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 27.3කි. ග්‍රාමසේවා වසම්වලින් 13ක් නාගරික මට්ටමේ වන අතර, ඉතිරි 33ක් ග්‍රාමීය මට්ටමේ වේ. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාව මැතිවරණ කොට්ඨාශ සීමාව ද වේ. ප්‍රාදේශීය පරිපාලන කටයුතු කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හැරුණු විට කොලොන්නාව නගර සභාව සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරේ.
කෘෂිකර්ම අංශය මෙන්ම කාර්මික අංශය ද කොට්ඨාශය තුළ වැදගත් වන බැවින් සිඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගත හැකි කොට්ඨාශයක් වශයෙන් හැඳින්විය හැකි ය.
කැලණි ගඟ වෙත ගලා බසින ඇල මාර්ග ගණනාවකින් යුක්ත කොට්ඨාශයක් තුළ බොහෝ දුරට කෘෂිකාර්මික අංශයේ දියුණුවට හිතකර ලක්ෂණ පවතී. එහෙත් ක්‍රමවත් පරිදි ජලය බැසයන මාර්ග නොමැති නිසා මෑත කාලයේ දී පහත් බිම් ගොඩකිරීම නිසාත් ජලයෙන් යටවීමේ ගැටලු මතු වී තිබේ.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම් වරුන්
|
නම |
සිට |
දක්වා |
|
වාස් ගුණවර්ධන මයා |
1991 | 1992 |
|
ජිනසිරි දඩල්ලගේ මයා |
1992 | 1994 |
|
එන්. ආරියදාස කුරේ මයා |
1994 | 1998 |
|
ජේ.ජේ. රත්නසිරි මයා |
1999 | 2002 |
|
ඒ. සපුමාන මයා |
2002 | 2004 |
|
ඩී. සුසීමා විජේසේකර මයා |
2005 | 2006 |
|
කේ. ඒ. ජේ. ප්‍රේමලාල් මයා |
2006 | 2007 |
|
එම්. කේ. මුහහිස් මයා |
2007 | 2008 |
|
යූ. කේ. සේනාරත්න මයා |
2008 | 2015 |
|
ඒ.යූ.කේ. දොඩම්වල මිය |
2015.05.12 | 2017.01.06 |
|
සුගත් සිසිර කුමාර මයා |
2017.01.07 | 2018.06.20 |
|
ප්‍රියන්තා දිසානායක මිය (වැ.බ.) |
2018.06.21 | 2020.06.01 |
|
එම්.ඒ.පී. ජයකොඩි මයා |
2020.06.01 | 2023.01.31 |
|
කසුන් ඈපා සෙනවිරත්න මයා (වැ.බ.) |
2023.02.02 | 2023.06.12 |
|
ප්‍රියනාත් පෙරේරා මයා |
2023.06.13 | මේ දක්වා |
Page 2 of 2























