vertual 01

vertual 01

vertual 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

25
අගෝ2026
කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.08.21 දින පෙ.ව. 10.00ට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ පාසල් හැරයන තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන්...

27
මැයි2026
 ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ  තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර (සේවක සංඛ්‍යාව 50 ට අඩු හෝ වාර්ෂික ආදායම මිලියන 350 ට අඩු ව්‍යාපාර) හානි හිමියන් සඳහා දීමනා ගෙවීම. (මෙය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා එක් වරක් පමණක් ලබාදෙනු ලබන දීමනාවකි) පහත ලිපියෙහි ඉදිරිපත් කර ඇති...

27
මැයි2026
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම. පහත ලිපියෙහි ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛන වල QR කේතයන් මගින් පහත ලේඛන භාගත කර ගත හැකිය.

14
මැයි2026
නිරිතදිග මෝසමට මුහුණ දීමට පූර්ව සූදානම

නිරිතදිග මෝසමට මුහුණ දීමට පූර්ව සූදානම

නිරිතදිග මෝසම වෙනුවෙන් මුහුණ දීමට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පූර්ව සූදානම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් වෙනුවෙන් සාකච්ඡාවක් 2026.05.11 දින නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය දිනේෂි චන්ද්‍රරත්න මහත්මිය, කොලොන්නාව නගර...

අපගේ දැක්ම

ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීම තුලින් කාර්යක්ෂමව හා ඵලදායිව ජනතාවට උපරිම සේවයක් සැපයීම

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය, ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන ජීවිත නංවාලීම

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිලිබද හැදින්වීම

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් හෙළ ලක්දිව පළාත් 09 කට බෙදා ඇත. මේ පළාත් අතුරින් බස්නාහිර පළාතට මුල් තැනක් හිමිවන්නේ ප්‍රධාන අගනුවර වන කොළඹ එම පළාතට අයත් වීම නිසාය. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි කොලොන්නාව ප්‍රදේශය විශාල ගතිකතාවයන්ගෙන් යුත් ප්‍රදේශයකි. ඓතිහාසික හා වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කිරීමේ දී විශාල පරිවර්තනයන්ට භාජනය වී ඇති බව පසක් කර ගැනීමට හැකි ය.

අතීතයේ කොළොන්නාවේ සීමාවන් වූයේ උතුරින් මනහර කල්‍යාණි නදියත්, දකුණින් කෝට්ටේ රාජධානියත්, නැගෙනහිරින් සීතාවක රාජධානියත්, බස්නාහිරින් කොළඹ අගනුවරත් ය. කොළොන්නාව එදා කොළඹ නගරයටම අයත් වූ භූමිභාගයකි. ඉතා රමණිය භූමි ප්‍රෙද්ශයක් වන මෙහි කෘෂිකාර්මික කටයුතු සාර්ථකව කෙරුණු බවට ඇළ වේලි සාක්ෂි දරයි. මෙකල කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ අඩක් පමණ උතුරු කොළඹට හා අඩක් අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයට අයත්ව තිබුණි. එසේ කෘෂිකාර්මික ආර්ථිකයකට උරුමකම් කී මෙම ප්‍රදේශය කර්මාන්ත ආර්ථිකයකට පෙරළීමත් සමඟම වෙනස් වු ආර්ථික සාමාජික හා පාරිසරික තත්ත්වයන් මෙහි ජීවත් වු ප්‍රජාවන් කෙරෙහි විවිධ වු ආකාරයෙන් බලපා තිබේ. විශේෂයන්ම ග්‍රාමීය පරිසරය වෙතින් නගරබදව මිනිසුන් ඇදී ඒමත් සමඟ නගර ජනාකීර්ණ වීම කුඩා ඉඩ ප්‍රමාණයන්ගෙන් අනවසර පැල්පත් ඉදිවීම ආදිය දක්නට ලැබේ.

            වර්තමානයේ පවත්නා කොළොන්නාව මැතිවරණ කොට්ඨාසය වෙන් කරන ලද්දේ 1960 දශකයේය. ඉන්පසුව මෙය කොළඹින් වෙන් වූ ප්‍රෙද්ශයක් බවට පත් විය. මේ වන විට ග්‍රාම සේවා වසම් 46කින් සමන්විත වේ. මෙම කොට්ඨාශය ජන සංයුතිතය අතින් විවිධ වන අතර සිංහල, ශ්‍රී ලංකා ද්‍රවිඩ, ඉන්දියනු ද්‍රවිඩ, යෝනක, මැලේ, බර්ගර් ආදී වශයෙන් ජන විවිධත්වයක් ප්‍රදේශය පුරා විසිර පවති.

            භූ විෂමතා කලාප අනුව වෙරළබඩ තැනිතලා කලාපයට අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වගුරු බිම් හා ජලයෙන් යට වූ ප්‍රදේශ හැරුණු විට වෙනත් කැපී පෙනෙන භුමි ලක්ෂණ ප්‍රදේශය පුරා විසිර පවතී.

            කොට්ඨාශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 27.3කි. ග්‍රාමසේවා වසම්වලින් 13ක් නාගරික මට්ටමේ වන අතර, ඉතිරි 33ක් ග්‍රාමීය මට්ටමේ වේ. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාව මැතිවරණ කොට්ඨාශ සීමාව ද වේ. ප්‍රාදේශීය පරිපාලන කටයුතු කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හැරුණු විට කොලොන්නාව නගර සභාව සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරේ.

            කෘෂිකර්ම අංශය මෙන්ම කාර්මික අංශය ද කොට්ඨාශය තුළ වැදගත් වන බැවින් සිඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගත හැකි කොට්ඨාශයක් වශයෙන් හැඳින්විය හැකි ය.

            කැලණි ගඟ වෙත ගලා බසින ඇල මාර්ග ගණනාවකින් යුක්ත කොට්ඨාශයක් තුළ බොහෝ දුරට කෘෂිකාර්මික අංශයේ දියුණුවට හිතකර ලක්ෂණ පවතී. එහෙත් ක්‍රමවත් පරිදි ජලය බැසයන මාර්ග නොමැති නිසා මෑත කාලයේ දී පහත් බිම් ගොඩකිරීම නිසාත් ජලයෙන් යටවීමේ ගැටලු මතු වී තිබේ.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම් වරුන්

නම                                                                   

සිට                                      

දක්වා                               

වාස් ගුණවර්ධන මයා

1991 1992

ජිනසිරි දඩල්ලගේ මයා

1992 1994

එන්. ආරියදාස කුරේ මයා

1994 1998

ජේ.ජේ. රත්නසිරි මයා

1999 2002

ඒ. සපුමාන මයා

2002 2004

ඩී. සුසීමා විජේසේකර මයා

2005 2006

කේ. ඒ. ජේ. ප්‍රේමලාල් මයා

2006 2007

එම්. කේ. මුහහිස් මයා

2007 2008

යූ. කේ. සේනාරත්න මයා

2008 2015

ඒ.යූ.කේ. දොඩම්වල මිය

2015.05.12       2017.01.06

සුගත් සිසිර කුමාර මයා

2017.01.07 2018.06.20

ප්‍රියන්තා දිසානායක මිය (වැ.බ.)

2018.06.21 2020.06.01

එම්.ඒ.පී. ජයකොඩි මයා

2020.06.01 2023.01.31

කසුන් ඈපා සෙනවිරත්න මයා (වැ.බ.)

2023.02.02 2023.06.12

ප්‍රියනාත් පෙරේරා මයා

2023.06.13 මේ දක්වා
Scroll To Top