කොලොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී පවුල් වල තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් වල දරුවන් සදහා ශිෂ්යත්ව ආධාර ප්රදානය හා එම දරුවන්ගේ නිර්මාණ ඇගයීම 2023.01.31 දින කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
මෙම අවස්ථාවට hand 2 satand ආයතනය සමග කොලොන්නාව සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, පරිපාලන නිලධාරිනී දීපිකා ජයන්ති මහත්මිය සහභාගි විය.




මෙම අවස්ථාවට කොලොන්නාව ප්රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , මෙම කටයුත්ත සම්බන්ධීකරණය කල කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතාපගේ මහතා හා බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරී මංජුල ධර්මසේන මහතා සහභාගි විය.


ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේ වැඩපිළිවෙළ තුළ බෙදාහදාගැනීම, හුවමාරුව සංකල්පය ගමට ,වසමට ගෙන යාමේ පියවරේ ඇරඹුමක් ලෙස එය කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහෝදර නිලධාරින් අතර ක්රියාත්මක කිරීම ආරම්භ කිරීම
මෙම අවස්ථාවට සහකාර අධ්‍යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය සමග ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය.





















