"අයවැයෙන් වැඩ ලක්ෂයක්" ජාතික වැඩසටහනට සමගාමීව ‌කොලොන්නාව කොට්ඨාසයේ සියලුම වසම් වල සංවර්ධන ව්‍යාපෘති 2022.02.03 වෙනිදා උදේ 8.52 ට යෙදුන සුබ නැකතින් ආරම්භ විය. මේ සඳහා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි මහතාගේ සහ සහකාර අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) අතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන්ගේ මූලිකත්වයෙන් සිදු වූ බව සඳහන් කල යුතුය.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධිත සාමාජිකයන් සිටින පවුල් 100 කට වියලි ආහාර ද්‍රව්‍ය ආදිය බෙදාදීමක් 2021.12.13 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු විය.ඉහල වටිනාකමකින් යුත් ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙහිදී ලබාදුන් අතර මේ සදහා ඩෙල්මා ටී සමාගම අනුග්‍රහය දැක්වු අතර වැඩසටහන සම්බන්ධීකරණය දොඩම්ගහහේන ග්‍රාම නිලධාරී ප්‍රසන්න ලාල් මහතා විසින් සිදු කරන ලදී.මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , වසම් භාර ග්‍රාම නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි විය.

කොලොන්නාව සෞභාග්‍යා විසිතුරු මල් අලෙවි සංකීර්ණය 2021.12.27 වන දින විවෘත කිරිමේ උත්සවය මල්පුර වැව අසලදී පවත්වන ලදී, කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මහජන ආරක්ෂාව පිලිබඳ කැබිනට් අමාත්‍ය ගරු ආචාර්ය සරත් වීරසේකර ඇමති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම උත්සවය කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති  ගරු මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපති ගරු අජිත් සුභසිංහ මැතිතුමා, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ඉදුනිල් ජගත් මහතා, මහජන නියෝජිතයන් සහ කොලඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, කොලඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක සේනක ද සිල්වා මහතා, කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් එම්. ඒ.පී. ජයකොඩි මහතා, සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක සිරිවර්ධන මහතා, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්  සහභාගී විය. ප්‍රාදේශීය ලේකම් තුමා ගේ මගපෙන්වීම මත සහකාර අධ්‍යක්ෂතුමාගේ අධීක්ෂණය යටතේ මෙම විසිතුරු මල් නිෂ්පාදන ගම්මානය සදහා අලෙවි සංකීර්ණය ඉදිකල අතර ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරී  ගේ කැපවීම අගය කල යුතුය.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ භාණ්ඩ බෙදාදීම කොලොන්නාව ප්‍රා ලේ.කාර්යයාලයේදී    කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  හා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ සහ සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ටී.එම්.ඩී.ඒ.එස්.කේ. සිරිවර්ධන මහතාගේ  පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ  සිදු විය. මේ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද මහජන නියෝහිතයන් මෙන්ම ප්‍රතිලාබීන් මේ සදහා සහභාගී විය.

Scroll To Top