කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කෝව්ඩ් 19 ආපදා තත්වය හමුවේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කළාකරුවන් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළාකරුවන් 66ක් සදහා වියලි ආහාර බෙදාදීමේ ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කෝව්ඩ් 19 ආපදා තත්වය හමුවේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කළාකරුවන් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළාකරුවන් 66ක් සදහා වියලි ආහාර බෙදාදීමේ ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී. එම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උප සභාපති අජිත් රෝහණ සුභසිංහ මැතිතුමා, කොලොන්නාව නගර සභාවේ විපක්ෂ නායක සාලිය වික්‍රමසිංහ මැතිතුමා, කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , කොලොන්නාව සංස්කෘතික බල මණ්ඩලයේ ගරු සභාපති සිරිතුංග පෙරේරා මහතා ඇතුලු නිලධාරීන් සහභාගි විය.





කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹතලේ ග්‍රාම නිලධාරි වසමේ ගංවතුරෙන් ආපදාවට ලක්වූ පවුල් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 22 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹතලේ ග්‍රාම නිලධාරි වසමේ ගංවතුරෙන් ආපදාවට ලක්වූ පවුල් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 22 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ කොළඹ දිස්ත්‍රික් ආපදා ඒකකයේ නිලධාරීන් , වසම භාර ග්‍රාම නිලධාරි රංජන පෙරේරා මහතා ,කොලොන්නාව ආපදා නිලධාරි චන්දන ජයසූරිය මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.











මොබිටෙල් ආයතනය සමග එක්ව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතා සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා ඇතුලු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොලොන්නාව කොට්ඨාශයේ අඩු ආදායම් ලාභීන් හට භාණ්ඩ බෙදා දීම 2021.06.14 වන දින සිදු කරන ලදී.




මෙරට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට අනුව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය හා ඒ සඳහා යොමු කරවීම, එහි දී පැන නගින ගැටළු හා ඒවාට යෝජිත විසදුම් පිළිබඳ විශේෂ රැස්වීමක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී 2021.06.17 දින පවත්වන ලදී.
මෙම රැස්වීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ගරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා,කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ගරු අජිත් රෝහණ සුභසිංහ මැතිතුමා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා, දිස්ත්‍රික් අධ්යක්ෂ (ක්‍රමසම්පාදන ) කේ.ජී.එච්.සේනක පී.සිල්වා මහතා,බස්නාහිර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ, සහකාර අධ්යක්ෂ (පොහොර ලේකම් කාර්යාලය), කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්යක්ෂ සැලසුම් අනුශ්ක සිරිවර්ධන මහතා, කොලොන්නාව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි විය.








කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ආබාධ සහිත පවුල් සඳහා වියළි ආහාර මලු බෙදා දීම.කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ආබාධ සහිත පවුල් සඳහා වියළි ආහාර මලු බෙදා දීම.
අනුග්‍රහය - ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව
මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා සහ සමාජ සේවා නිලධාරී ශ්‍රියානි මාලේවන මහත්මිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.




















