ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ නිරීක්ෂණ හා උපදෙස් අනුව පවතින ආපදා තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමේ කටයුතු තවදුරටත් පැය 24 පුරා අඛණ්ඩව සිදු කෙරේ. මේ සදහා දේශපාලන අධිකාරියේ, ජනතාවගේ හා ග්‍රාම නිලධාරි ඇතුලු කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ දායකත්ව මෙන්ම පොලිස් ස්ථානාධිපති ඇතුලු කාර්යය මණ්ඩලයේ සහය ද නොවඩුව ලැබෙන බව සදහන් කල යුතුය.








කොලොන්නාව කොට්ඨාශයේ පවතින ආපදා තත්වය නිරීක්ෂණය සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතා පැමිණි අතර කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් තුමා පැවති තත්වය දැනුවත් කිරීමෙන් පසු අවශ්‍ය අනෙකුත් ආයතන වල සහය ලබාදීම සදහා දිස්ත්‍රික් ලේකම්තුමා එම අවස්ථාවේම එම ආයතන ප්‍රදානීන් දැනුවත් කරන ලදී.
එමෙන්ම පවතින ආපදා තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමේ කටයුතු දේශපාලන අධිකාරියේ, ජනතාවගේ හා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් පැය 24 පුරා අඛණ්ඩව සිදු කරන බව සදහන් කල යුතුය.
















මේ යටතේ දැනට එන්නත් ලබා නොගත් ජනතාවට ඒ සදහා පහසුවෙන් සහභාගි වීමට සකස් කල ටෝකන් පත් බෙදාදීම සිදුවිය. වසම භාර නිලධාරීන් මේ අවස්ථාවට සම්බන්ධ විය.

මෙම අවස්ථාවට කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , කොලොන්නාව සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ කළමනාකාරු අජිත් වසන්ත ජයලාල් මහතා හා වසම භාර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.


























































