කොලොන්නාව එල්ලේ ඉතිහාසයේ ජාතික මහා ක්රීඩා උළෙලක ජාතික ශූරතාවය දිනා දුන් වැල්ලම්පිටිය රණකාමී කණ්ඩායමේ නායකත්වයෙන් යුත් බස්නාහිර පළාත් එල්ලේ කණ්ඩායම ඇගයීම කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවති අද (25) දින කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාල ටී.බී.ඉලංගරත්න ශ්රවණාගාරයේදී සිදු කරන ලදී.
මෙහිදී ක්රීඩකයන්ට අමතරව කණ්ඩායමේ පරිපාලකයන්, කළමනාකාරුවන් , පුහුණුකරුවන් , සහායකයන් යන සියලු දෙනා ද ඇගයීමට ලක් කරන ලදී.
මෙම ඇගයීම කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්රධානත්වයෙන් ප්රාදේශීය ලේකම් ප්රියනාත් පෙරේරා මහතා , සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
වැඩසටහන සම්බන්ධීකරණය - සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා සමග කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ක්රීඩා නිලධාරී අකලංක ඉෂාන් මහතා
ඡායාරූපකරණය - ප්රවීන ඡායාරූප ශිල්පී රංජිත් පීරිස් මහතා
නිවේදකත්වය - ප්රවීන එල්ලේ තරඟ නිවේදක අසංක ජීවහස්ත මහතා
See Translation
 
All reactions:
Shirani Shami, Asela Sanjaya Perera and 66 others
 
කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී - 2023.07.20
මෙම අවස්ථාවට කොලොන්නාව ප්රාදේශීය ලේකම් ප්රියනාත් පෙරේරා මහතා , කොලොන්නාව සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා ,විෂය භාර ආයතන නියෝජනය කරමින් නිලධාරීන් , වසම් භාර කෘපනිස නිලධාරීන් සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් වන සුබෝධා පේමසිරි මහත්මිය සහ අමිල නන්දසිරි මහතා ඇතුලු නිලධාරීන් සහභාගි විය.
 
Scroll To Top