



කොළඔ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණය කෙටුම්පත් වාර්තාව - 2022 පහත link එක මගින් බාගත කල හැකිය.
මේ සඳහා යෝජනා තිබේනම් මෙම මස 25 වන දිනට පෙර එම යෝජනා ලබා දීමට කටයුතු කරන්න.
කොළඔ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණය කෙටුම්පත් වාර්තාව - 2022
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 503 සී මල්ගම ග්‍රම සංවර්ධන සමිතියේ අනුග්‍රහයෙන් ප්‍රදේශයේ අඩුආදයම්ලාභි පවුල්වල පාසැල් දරුවන් 75දෙනෙකු සඳහා පාසැල් අධ්‍යාපන උපකරණ ලබාදීමේ වැඩසටහනක් 2023-04-02දින උඩුමුල්ල ගල්වාන පුරාණ විහාරස්ථානයට අනුබද්ධ "උදය පෙර පාසැල්" ශාලාවේදී කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් සී. ඒ. කේ. පරණමාන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂතුමියගේ සංකල්පයක් අනුව, ප්‍රතිලාභී පාසැල් දරුවන් විසින් ඉදිරිපත් කළ නිර්මාණ ප්‍රදර්ශනය කර අගැයීමට ලක් කෙරිණි. මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරී උජිත ගුණසේකර මහතා, ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරී මණ්ඩලයද, දෙමාපියන් සමග සිසුදරුවෝ සහභාගී වූහ.

























