Mr.Ernaga Gunasekara

2025.09.30  දින ප.ව. 2.00 ට තරුණ කටයුතු හා ක්‍රීඩා  නියෝජ්‍ය අමාත්‍ය , සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව කොට්ඨාශයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.2025.09.30  දින ප.ව. 2.00 ට තරුණ කටයුතු හා ක්‍රීඩා  නියෝජ්‍ය අමාත්‍ය , සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව කොට්ඨාශයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙම රැස්වීම  පාර්ලිමේන්තු  මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,  කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් දිනේෂි චන්ද්‍රරත්න මහත්මිය,  සහකාර අධ්‍යක්ෂ සැලසුම් පී ඩී රූපසිංහ මහත්මිය , කොලොන්නාව නගර සභාපති ධම්මික නිගමුනි මහතා, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ  සභාපති  ධනුශ්ක  ප්‍රියදර්ශන මහතා , කොට්ඨාශයේ අනිකුත් රාජ්‍ය ආයතන නිලදාරින් , පොලිස් ස්ථානාධිපතිවරුන් හා  කාර්යාලයෙ නිලදාරින්ගෙ සහභාගීත්වයෙන් පවත්වන  ලදි.

502 සී රාජසිංහගම ග්‍රාම නිලධාරී වසමේ පුබුදුගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි පදිංචිව සිටි වාර්ෂික අවසර පත්‍රකරුවන් සඳහා සකස් කරන ලද නිදහස් දීමනාපත්‍ර ප්‍රධානය කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ අතින් සිදුවිය.

 

2025.09.01 කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරේ සේවයට නව පත්වීම් ලබා ස්ථාන මාරු වී පැමිණි කේ.එම්.ඩී. චන්ද්‍ර රත්න මහත්මිය වැඩ භාර ගැනීම.
මෙම කාර්යාලයේ සේවයට පැමිණීමට ප්‍රථම එම මහත්මිය කුරුණෑගල මහ නගර සභාවේ
නාගරික ලේකම්වරිය ලෙස සේවය කරමින් සිට ඇත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක පුජ්‍ය අගුණකොළපැලැස්සේ විපුලසිරි හිමියන් විසින් ආගමික වතාවත් සිදුකොට එතුමියට සෙත් ප්‍රාර්ථනා කළහ.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, ගණකාධිකාරී චානක ප්‍රසාද් මහතා, සහකාර අධ්‍යක්ෂ සැලසුම් පී.ඩී.රූපසිංහ මහත්මිය, පරිපාලන නිලධාරී ජයන්ති මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු හිමාලි චන්ද්‍රසේන මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී ප්‍රදීපා ආරියරත්න මහත්මිය ඇතුළු කාර්යාලීය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ප්‍රථම වරට විදේශ ගතව විදෙස් රටවල සේවය කරන විදෙස් ගත පුද්ගලයන්ගේ කලත්‍රයා හෝ දූ දරුවන් උදෙසා විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යංශය මගින් පිරිනමන රුපියල් 10000.00 වවුචර බෙදාදීම 2025.08.04 අද දින පෙරවරුවේ කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. ප්‍රාදේශිය ලේකම් ප්‍රියනාත් පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට පරිපාලන නිලධාරි දීපිකා ජයන්ති මහත්මිය සහභාගී විය . සංවිධානය විදේශ රැකියා අමාත්‍යාංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් වන නෙරංජන්, සුමනසිරි, උපේක්ෂා හා ශානිකා විසිනි.

 

Scroll To Top