අහරින් සපිරි කොළොම්තොටක් තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික් කඩිනම් වගා සංග්‍රාමයට සමගාමිව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (28) පවත්වන ලදී.
මෙහිදී කෘෂිකර්ම උපදේශක අරුණ ජයසූරිය මහතා විසින් වගා කටයුතු කිරීමේ දී වැදගත් වන කරුණු සම්බන්ධව පැහැදිලි කළේය. දිස්ත්‍රික් විදාතා නිලධාරිනිය විසින් ආහාර කල්තබා ගැනීමේ ක්‍රම සහ එහි වැදගත්කම පිළිබද දේශනයක් ද පවත්වන ලදී.මෙම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්.නාගහවත්ත මහතා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, සහකාර අධ්‍යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී ඩී.එස්.විතාරණ මහතා, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරිණි හිමාලි මුද්දුව මහත්මිය සහභාගි විය.මීට අමතරව කොලොන්නාව ප්‍රාදේශීය ගොවි ජන සේවා නිලධාරී හා කෘෂිකර්ම උපදේශක සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්, සියලු ආර්ථික සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි විය.කොලොන්නාව කඩිනම් වගා සංග්‍රාමය අඛණ්‌ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කෙරේ.




සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම 2021 වැඩසටහන යටතේ තෝරා ගත් කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ සමෘද්ධි හා අඩු ආදායම් ලාභීන් 42 ක් සදහා ජීවනෝපාය උපකරණ බෙදා දීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති , මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම 2021 වැඩසටහන යටතේ තෝරා ගත් කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ සමෘද්ධි හා අඩු ආදායම් ලාභීන් 42 ක් සදහා ජීවනෝපාය උපකරණ බෙදා දීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති , මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාවට කොලොන්නාව ජාත්‍යන්තර කාන්තා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ ලෝක විවාහක විශ්ව රෑ රැජින තිළිණි ද සිල්වා මහත්මිය , කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් සී. ඒ.කේ.පරණමාන මහතා ඇතුළු සමෘද්ධි කලමනාකරුවන් මෙන්ම ක්ෂේත්‍ර සමෘද්ධි කාර්ය මණ්ඩලය හා ගරු අමාත්‍යතුමා ගේ සම්බන්ධීකරණ නිලධාරි මොහාන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.
බෙදා දුන් උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 12 ක් පමණ වේ.






"අයවැයෙන් වැඩ ලක්ෂයක්" ජාතික වැඩසටහනට සමගාමීව කොලොන්නාව කොට්ඨාසයේ සියලුම වසම් වල සංවර්ධන ව්‍යාපෘති 2022.02.03 වෙනිදා උදේ 8.52 ට යෙදුන සුබ නැකතින් ආරම්භ විය. මේ සඳහා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි මහතාගේ සහ සහකාර අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) අතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන්ගේ මූලිකත්වයෙන් සිදු වූ බව සඳහන් කල යුතුය.


































