ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල, එම සංවිධානය මගින් ලබාදුන් නිර්නායක වලට අදාලව තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සහන සැලසීම යටතේ ඔවුන් වෙත සංඛේතාත්මකව ප්රදානයන් (වවුචරපත්) ලබාදීම අගෝස්තු මස 18 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල, එම සංවිධානය මගින් ලබාදුන් නිර්නායක වලට අදාලව තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සහන සැලසීම යටතේ ඔවුන් වෙත සංඛේතාත්මකව ප්රදානයන් (වවුචරපත්) ලබාදීම අගෝස්තු මස 18 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් හා මහදිසාපති ප්රදීප් යසරත්න මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා , ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා එම වැඩසටහනේ නියෝජ්ය අධ්‍යක්ෂ කේ.සෝමතිලක මහතා , එම වැඩසටහනේ අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සාදික් මහතා , ලෝක ආහාර වැඩසටහනේ අත්යාවශ්ය සේවා නිලධාරී ඉන්දු අබේරත්න මහතා ඇතුලු එම වැඩසටහනේ නිලධාරීන් සමග කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය ,වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු නිලධාරීන් සහභාගි විය.









කොළඹ දිස්ත්‍රික් ලේකම්/මහා දිසාපති ප්රදීප් යසරත්න මහතාගේ සංකල්පක් අනුව කොළඹ දිස්ත්රික්කයේ කඩිනම් බෝග වගා කිරීමේ වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දායකත්වය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් දිස්ත්‍රික් ලේකම් ප්රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) සිදු කරන ලදී. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක ද සිල්වා මහතා , කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සැලසුම් සහකාර අධ්‍යක්ෂ දිල්හානි රූපසිංහ මහත්මිය, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් , වසම් භාර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සහභාගි විය.එහිදී පහත ස්ථාන නිරීක්ෂණය කරන ලදී.
1. මුල්ලේරියාව නැගෙනහිර මූලික රෝහල් පරිශ්රයේ අලුතින් සකස් කල දහසකට අධික මංඥොක්කා වගාව හා වාට්ටු අවට සහ නිල නිවාස අවට වගාව (මෙම අවස්ථාවට එම රෝහල් අධ්‍යක්ෂ විශේෂ වෛද්ය ප්රියන්ත කරුණාරත්න මහතා ඇතුලු එහි නිලධාරීන් සහභාගි විය.)
2.විශේෂ වෛද්ය පුන්සිත් ගුණවර්ධන මහතාගේ මල්ගම පිහිටි ගෙවත්ත
3. මල්පුර විශාල පැල තවාන
4. මණ්ඩවිල විහාරස්ථානය අවට වගාව
5. කැලණිමුල්ල ශ්රී සුමන පෙර පාසැල් ආදර්ශ වගාව (මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා එම පෙර පාසැලේ දරුවන් සමග පැලයක් රෝපනය කරන ලදී
.6. දහම්පුර ආදර්ශ ගෙවත්ත (මෙහිදී බීජ කට්ටල පැකට් දිසාපතිතුමා විසින් එම මහත්මියට ලබාදෙන ලදී.








අහරින් සපිරි කොළොම්තොටක් තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික් කඩිනම් වගා සංග්‍රාමයට සමගාමිව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (28) පවත්වන ලදී.
මෙහිදී කෘෂිකර්ම උපදේශක අරුණ ජයසූරිය මහතා විසින් වගා කටයුතු කිරීමේ දී වැදගත් වන කරුණු සම්බන්ධව පැහැදිලි කළේය. දිස්ත්‍රික් විදාතා නිලධාරිනිය විසින් ආහාර කල්තබා ගැනීමේ ක්‍රම සහ එහි වැදගත්කම පිළිබද දේශනයක් ද පවත්වන ලදී.මෙම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්.නාගහවත්ත මහතා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, සහකාර අධ්‍යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී ඩී.එස්.විතාරණ මහතා, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරිණි හිමාලි මුද්දුව මහත්මිය සහභාගි විය.මීට අමතරව කොලොන්නාව ප්‍රාදේශීය ගොවි ජන සේවා නිලධාරී හා කෘෂිකර්ම උපදේශක සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්, සියලු ආර්ථික සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි විය.කොලොන්නාව කඩිනම් වගා සංග්‍රාමය අඛණ්‌ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කෙරේ.





















