කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධිත සාමාජිකයන් සිටින පවුල් 100 කට වියලි ආහාර ද්‍රව්‍ය ආදිය බෙදාදීමක් 2021.12.13 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු විය.ඉහල වටිනාකමකින් යුත් ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙහිදී ලබාදුන් අතර මේ සදහා ඩෙල්මා ටී සමාගම අනුග්‍රහය දැක්වු අතර වැඩසටහන සම්බන්ධීකරණය දොඩම්ගහහේන ග්‍රාම නිලධාරී ප්‍රසන්න ලාල් මහතා විසින් සිදු කරන ලදී.මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , වසම් භාර ග්‍රාම නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි විය.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ භාණ්ඩ බෙදාදීම කොලොන්නාව ප්‍රා ලේ.කාර්යයාලයේදී    කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  හා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ සහ සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ටී.එම්.ඩී.ඒ.එස්.කේ. සිරිවර්ධන මහතාගේ  පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ  සිදු විය. මේ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද මහජන නියෝහිතයන් මෙන්ම ප්‍රතිලාබීන් මේ සදහා සහභාගී විය.

අද සිට තරග වදින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් හා නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සුභ පැතුම්.

"2021 සිරස් ගෙවතු වගා  කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනේ කොලොන්නාව හා කොළඹ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සිරස් අවකාශ භාවිතයෙන්  ගෙවතු වගාව සිදුකරන ප්‍රතිලාභීන් සඳහා භාණ්ඩ බෙදා දීම හා පුහුණු වැඩසටහනක්  කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.ජයකොඩි මහතා සමග කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්. එම් නාගහවත්ත මහතාගේ    ප්‍රධානත්වයෙන් 2021.11.06 දින කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහි අරමුණ වූයේ  ගෙවතු වගාවෙහි නියැලීමට ප්‍රතිලාභීන් දිරිමත් කරමින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දීම සහ ඊට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබාදෙමින් ගෙවතු වගාව නගා සිටුවීමට අනුග්‍රහය ලබා දීමයි.  පුහුණු වැඩසටහන මෙහෙයවීම දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක සමිත මධුසංඛ මහතා වන අතර සංවිධානය - කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කෘෂි සංවර්ධන නිලධාරි සුබෝධා පේමසිරි මහත්මිය.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ITN රූපවාහිනිය සමග ක්‍රියාත්මක කරන "ITN මනුෂ්‍යත්වයේ සත්කාරය" වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහනක්  කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංඛේතාත්මකව සිදු විය.ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ITN රූපවාහිනිය සමග ක්‍රියාත්මක කරන "ITN මනුෂ්‍යත්වයේ සත්කාරය" වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහනක්  කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංඛේතාත්මකව සිදු විය.මෙම වැඩසටහන කොලොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පොතේවෙල විනීත ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්  කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රතුකුරුස සමාජයේ  සභාපතිතුමා සහ එහි නිලධාරීන් , කොලොන්නාව නගර සභාවේ ගරු සභාපති ගුත්තිල සිල්වා මැතිතුමා , කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු ඉදුණිල් ජගත් කුමාර මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී .කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි මහතා ,සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් අනුශ්ක සිරිවර්ධන මහතා ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

Scroll To Top