අද සිට තරග වදින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් හා නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සුභ පැතුම්.


ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ITN රූපවාහිනිය සමග ක්‍රියාත්මක කරන "ITN මනුෂ්‍යත්වයේ සත්කාරය" වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංඛේතාත්මකව සිදු විය.ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ITN රූපවාහිනිය සමග ක්‍රියාත්මක කරන "ITN මනුෂ්‍යත්වයේ සත්කාරය" වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංඛේතාත්මකව සිදු විය.මෙම වැඩසටහන කොලොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පොතේවෙල විනීත ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රතුකුරුස සමාජයේ සභාපතිතුමා සහ එහි නිලධාරීන් , කොලොන්නාව නගර සභාවේ ගරු සභාපති ගුත්තිල සිල්වා මැතිතුමා , කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු ඉදුණිල් ජගත් කුමාර මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී .කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි මහතා ,සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් අනුශ්ක සිරිවර්ධන මහතා ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.








"සෞභාග්‍යා සතිය " - සැප්තැම්බර් 23 - සැප්තැම්බර් 30 කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ සමෘද්ධි වැඩ සටහන , කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ. ජී .එස්.අශෝක කුමාර මැතිතුමා ගේ හා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සෞභාග්‍යයා දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන සදහා චෙක්පත් ප්‍රදානය කිරීම , ගරු ප්‍රාදේශිය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් සී.ඒ.කේ.පරණමාන මහතා, මූලස්ථාන සමෘද්ධි කලමනාකරු හිමාලී චන්ද්‍රසේන මිය, කලාප කලමනාකරු අජිත් වසන්ත මහතා, සමිති කලමනාකරු වජිර පෙරේරා මහතා, කලාප සහකාර කලමනාකරුවන් වන අසංග ජීවහස්ත මහතා, ජගත් චන්ද්‍රසිරි මහතා, සමාජ සංවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා හා සමෘද්ධි සංවර්ධන නිලධාරි චින්තක මුතුකුමාරණ මහතා ද සහභාගී විය.



කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය හා සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන කථිකාවත Zoom තාක්ෂණය ඔස්සේ 2021.10.11 දින 4.00 ප.ව. ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
























