






කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින අඩු ආදායම්ලාභී පවුල් සදහා රු.2000/- දීමනාව ලබාදීම කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි ග්‍රාම නිළධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් වසම් මට්ටමින් ක්‍රියාත්මකව පවතී.











කෝව්ඩ් ග්‍රාමීය කමිටු රැස්වීම් සහ නිරෝදායන පවුල් සදහා වියලි ආහාර හා ප්‍රතිශක්තිවර්දක ඖෂධ බෙදාදීම.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි වසම් මට්ටමින් කෝව්ඩ් ග්‍රාමීය කමිටු රැස්වීම් පවත්වා කොලොන්නාව කොට්ඨාශය තුල ඉදිරි කොවිඩ්-19 රාජකාරි පිළිබදව සාකඡචා කල අතර නිරෝදායන පවුල් සදහා වියලි ආහාර හා ප්‍රතිශක්තිවර්දක ඖෂධ බෙදාදීමද මෙහිදී සිදු විය.










මුරුංගා පැල බෙදාදීමේ වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 512 ඒ සාලමුල්ල ,512සී ගජබාපුර යන ග්‍රාම නිලධාරි වසම් වල මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා හා කොලොන්නාව නගර සභා මන්ත්‍රීනී මාලා මැණිකේ මහත්මිය,කොලොන්නාව සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ කළමනාකාරු අජිත් වසන්ත ජයලාල් මහතා ,සමෘද්ධි සංවර්ධන නිලධාරි චින්තක මුතුකුමාරණ මහතා ඇතුලු පිරිසක් සහභාගි විය. මේ සදහා දායකත්වය - කොලොන්නාව ගොවි ජන සේවා මධ්‍යස්ථානය වසම භාර කෘපනිස නිලධාරි - තුශාරි ශර්මිලා පීරිස් මහත්මිය, සම්බන්ධීකරණය - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසම් භාර නිලධාරීන් හා මාධ්‍ය ආවරණය - සුනෙත් හේවාවිතාරණ මහතා , ස්වාධීන රූපවාහිනී සේවය.








උක්ත වැඩසටහන යටතේ සිංහපුර වසමට අදාලව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, මූලස්ථාන කළමනාකාරිණී හිමාලි මුද්දුව මහත්මිය , බැංකු සමිති කළමනාකාරු වජිර පෙරේරා මහතා ,ව්‍යාපෘති කලමනාකරු ජේ.සෙනෙවිරත්න මහතා, කොලොන්නාව සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ කළමනාකාරු අජිත් වසන්ත ජයලාල් මහතා ,කලාප සහකාර ජගත් චන්ද්‍රසිරි මහතා , සමාජ සංවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා, වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි සමීර පෙරේරා මහතා,සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වන චින්තක මුතුකුමාරණ මහතා ,නිරෝශා නිල්මිණි මහත්මිය ,සුසිල් මහතා ,වසම භාර ග්‍රාම නිලධාරි තමරා දිල්හානි පතිරණ මහත්මිය ,වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරිනි නිලූකා දමයන්ති මහත්මිය ඇතුලු නිලධාරීන් හා ප්‍රජා පුහුණු උපදේශිකා කලනි ගයන්තිකා මහත්මිය සහ පාලක මණ්ඩල නිලධාරීන් සහභාගි විය.මෙම අවස්ථාවේදී සහන අරුණළු ණය නිකුත් කිරීම ද ආරම්භ කරන ලදී.


























