කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොතටුව කලාපයේ 513/E ඇල්හේන වසමෙ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන කාර්‍යාලය පිහිටු වීම සහ අරුණලු ණය ලබාදීම වැඩසටහන 2021.08.03 දින සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමානමහතා .බැංකු කලමනාකාරතුමිය ඉන්ද්‍රනි ගුරුගේ මහත්මිය .කලාප සහකාර කලමණාකාර සංජිව ප්‍රියශාන්ත මහතා .සමාජ සංවර්ධන නිලධාරී තිලක් රණසිංහ මහතා .ග්‍රාම නිලධාරීනී.ආර්තික සංවර්ධන නිලධාරී.සහ වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීනී ප්‍රියංකා කුමාරි මහත්මිය .ගිණුම් නිලධාරී උදය මහතා .සමන් නන්දන මහතා .අසේල අචලංක මහතා .පාලක මණ්ඩල සභාපති වත්මිණි චන්දිමාලා මහත්මිය .ප්‍රජා පුහුණු උපදේශිකා කලණි ගයන්තිකා මහත්මිය .ප්‍රජා මූල සංවිධානයේ සභාපති ඇතුළු නිලධාරීන් සහ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් වසම තුලදි උත්සවාකාරයෙන් පැවැත්වීණි.






කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ ගොතටුව සමෘද්ධි කලාපයේ ගොතටුව නව නගරය වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන කාර්යාලය විවෘත කිරීම හා සහන අරුණළු ණය නිකුත් කිරීම කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් සී.ඒ.කේ. පරණමාන මහතා අතින් 2021.07.27සිදු විය. ගෞරවනීය සහභාගීත්වය මූලස්ථාන සමෘද්ධි කලමනාකරු හිමාලී චන්ද්‍රසේන මිය, කලාප කලමනාකරු ඉන්ද්‍රානි ගුරුගේ මිය, බැංකු සමිති කලමනාකරු වජිර පෙරේරා මහතා, සමාජ සංවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා, කලාප සහකාර කලමනාකරු සංජීව පියශාන්ත මහතා, ග්‍රාම නිලධාරි ප්‍රියංගනී මහත්මිය ,සංවර්ධන නිලධාරි සුජීව සම්පත් මහතා සමෘද්ධි සංවර්ධන නිලධාරි අසේල අචලංක මහතා , ව්‍යාපෘති කලමනාකරු ජේ. සෙනෙවිරත්න මහතා, සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන ගරු සභාපතිනි කලණි ගයන්තිකා මහත්මිය හා විධායක කමිටු ගරු සභාපති වත්මිණි මිය.කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත කරන ලද එවැනි පළමු බැංකුව ඇතුලු මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම බැංකු ගණන ලෙස කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විවෘත වූ මුලු බැංකු ගණන මේ වනවිට 15කි. ඉදිරියේදී තවත් බැංකු කිහිපයක් ම විවෘත කිරීමට නියමිතව තිබේ.





කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ විසිතුරු මල් ගම්මාන වැඩසටහනෙහි සමාරම්භක උත්සවයක් 2021. 07.04 දින මණ්ඩවිල ශ්‍රී අබේසුමනාරාම විහාරය ආසන්නයේ වැව ඉදිරිපිට දී පවත්වන්නට යෙදුනි. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ විසිතුරු මල් ගම්මාන වැඩසටහනෙහි සමාරම්භක උත්සවයක් 2021. 07.04 දින මණ්ඩවිල ශ්‍රී අබේසුමනාරාම විහාරය ආසන්නයේ වැව ඉදිරිපිට දී පවත්වන්නට යෙදුනි. මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමා, කොළොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති අජිත් සුභසිංහ මැතිතුමා , ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ඇතුලු දේශපාලන අධිකාරියේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂක සේනක ද සිල්වා මහතා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්. ඒ.පී. ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, සහකාර අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන ) අනුෂ්ක සිරිවර්ධන මහතා, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්, සහ කොලොන්නාව මල් වගා කරුවන් ඇතුලු මහජන සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි.කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්. ඒ. පී. ජයකොඩි මහතාගේ උපදෙස් මත සහකාර අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන) අනුෂ්ක සිරිවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් කොලොන්නාව ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සැලසුම් අංශය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබු අතර ඒ සදහා නිරන්තරයෙන් සහය ලබා දෙන ප්‍රාදේශීය සභා සහ නගර සභාවේ සහය ද ලබා දුනි.









ලේ දන් දීමේ වැඩසටහන - හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ දී ජූලි මස 21 වන දින උදෑසන 8.30 සිට 3.30 දක්වා පැවැත්වේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කෝව්ඩ් 19 ආපදා තත්වය හමුවේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කළාකරුවන් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළාකරුවන් 66ක් සදහා වියලි ආහාර බෙදාදීමේ ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කෝව්ඩ් 19 ආපදා තත්වය හමුවේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කළාකරුවන් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළාකරුවන් 66ක් සදහා වියලි ආහාර බෙදාදීමේ ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී. එම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උප සභාපති අජිත් රෝහණ සුභසිංහ මැතිතුමා, කොලොන්නාව නගර සභාවේ විපක්ෂ නායක සාලිය වික්‍රමසිංහ මැතිතුමා, කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , කොලොන්නාව සංස්කෘතික බල මණ්ඩලයේ ගරු සභාපති සිරිතුංග පෙරේරා මහතා ඇතුලු නිලධාරීන් සහභාගි විය.























