සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම 2021 වැඩසටහන යටතේ තෝරා ගත් කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ සමෘද්ධි හා අඩු ආදායම් ලාභීන් 42 ක් සදහා ජීවනෝපාය උපකරණ බෙදා දීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති , මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි  මහතාගේ  ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. 

සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම 2021 වැඩසටහන යටතේ තෝරා ගත් කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ සමෘද්ධි හා අඩු ආදායම් ලාභීන් 42 ක් සදහා ජීවනෝපාය උපකරණ බෙදා දීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති , මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාවට කොලොන්නාව ජාත්‍යන්තර කාන්තා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ ලෝක විවාහක විශ්ව රෑ රැජින තිළිණි ද සිල්වා මහත්මිය , කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් සී. ඒ.කේ.පරණමාන මහතා ඇතුළු සමෘද්ධි කලමනාකරුවන් මෙන්ම ක්ෂේත්‍ර සමෘද්ධි කාර්ය මණ්ඩලය හා ගරු අමාත්‍යතුමා ගේ සම්බන්ධීකරණ නිලධාරි මොහාන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය. 

බෙදා දුන් උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 12 ක් පමණ වේ.

 

 

"අයවැයෙන් වැඩ ලක්ෂයක්" ජාතික වැඩසටහනට සමගාමීව ‌කොලොන්නාව කොට්ඨාසයේ සියලුම වසම් වල සංවර්ධන ව්‍යාපෘති 2022.02.03 වෙනිදා උදේ 8.52 ට යෙදුන සුබ නැකතින් ආරම්භ විය. මේ සඳහා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි මහතාගේ සහ සහකාර අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) අතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන්ගේ මූලිකත්වයෙන් සිදු වූ බව සඳහන් කල යුතුය.

කොලොන්නාව සෞභාග්‍යා විසිතුරු මල් අලෙවි සංකීර්ණය 2021.12.27 වන දින විවෘත කිරිමේ උත්සවය මල්පුර වැව අසලදී පවත්වන ලදී, කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මහජන ආරක්ෂාව පිලිබඳ කැබිනට් අමාත්‍ය ගරු ආචාර්ය සරත් වීරසේකර ඇමති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම උත්සවය කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති  ගරු මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපති ගරු අජිත් සුභසිංහ මැතිතුමා, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ඉදුනිල් ජගත් මහතා, මහජන නියෝජිතයන් සහ කොලඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, කොලඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක සේනක ද සිල්වා මහතා, කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් එම්. ඒ.පී. ජයකොඩි මහතා, සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක සිරිවර්ධන මහතා, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්  සහභාගී විය. ප්‍රාදේශීය ලේකම් තුමා ගේ මගපෙන්වීම මත සහකාර අධ්‍යක්ෂතුමාගේ අධීක්ෂණය යටතේ මෙම විසිතුරු මල් නිෂ්පාදන ගම්මානය සදහා අලෙවි සංකීර්ණය ඉදිකල අතර ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරී  ගේ කැපවීම අගය කල යුතුය.

Scroll To Top