ලේ දන් දීමේ වැඩසටහන - හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ දී ජූලි මස 21 වන දින උදෑසන 8.30 සිට 3.30 දක්වා පැවැත්වේ.

 

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සෞභාග්‍යා නිෂ්පාදන  ගම්මාන වැඩසටහන  යටතේ  විසිතුරු  මල්  ගම්මාන වැඩසටහනෙහි සමාරම්භක  උත්සවයක්   2021. 07.04 දින මණ්ඩවිල ශ්‍රී අබේසුමනාරාම විහාරය ආසන්නයේ වැව ඉදිරිපිට දී පවත්වන්නට යෙදුනි. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සෞභාග්‍යා නිෂ්පාදන  ගම්මාන වැඩසටහන  යටතේ  විසිතුරු  මල්  ගම්මාන වැඩසටහනෙහි සමාරම්භක  උත්සවයක්   2021. 07.04 දින මණ්ඩවිල ශ්‍රී අබේසුමනාරාම විහාරය ආසන්නයේ වැව ඉදිරිපිට දී පවත්වන්නට යෙදුනි. මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය හා කොලොන්නාව  ප්‍රාදේශීය  සම්බන්ධීකරණ කමිටුවේ ගරු  සභාපති  ආචාර්ය රියර් අද්මිරාල්  සරත් වීරසේකර  මැතිතුමා,  කොළඹ  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී  මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමා, කොළොන්නාව  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති අජිත් සුභසිංහ මැතිතුමා , ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ඇතුලු දේශපාලන අධිකාරියේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන  අධ්‍යක්ෂක සේනක ද සිල්වා මහතා, කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් එම්. ඒ.පී. ජයකොඩි මහතා ,  සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා,  සහකාර අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන )  අනුෂ්ක සිරිවර්ධන මහතා, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්, සහ කොලොන්නාව මල් වගා  කරුවන් ඇතුලු මහජන සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි.කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්. ඒ. පී. ජයකොඩි මහතාගේ උපදෙස් මත සහකාර අධ්‍යක්ෂ  ( ක්‍රම සම්පාදන) අනුෂ්ක සිරිවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්  කොලොන්නාව ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සැලසුම් අංශය මගීන්  මෙම වැඩසටහන සංවිධානය  කරනු ලැබු අතර ඒ සදහා නිරන්තරයෙන් සහය ලබා දෙන ප්‍රාදේශීය සභා සහ නගර සභාවේ සහය ද ලබා දුනි.

 

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹතලේ ග්‍රාම නිලධාරි වසමේ ගංවතුරෙන් ආපදාවට ලක්වූ පවුල් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 22 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹතලේ ග්‍රාම නිලධාරි වසමේ ගංවතුරෙන් ආපදාවට ලක්වූ පවුල් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 22 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ කොළඹ දිස්ත්‍රික් ආපදා ඒකකයේ නිලධාරීන් , වසම භාර ග්‍රාම නිලධාරි රංජන පෙරේරා මහතා ,කොලොන්නාව ආපදා නිලධාරි චන්දන ජයසූරිය මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කෝව්ඩ් 19 ආපදා තත්වය හමුවේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කළාකරුවන් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළාකරුවන් 66ක් සදහා වියලි ආහාර බෙදාදීමේ ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කෝව්ඩ් 19 ආපදා තත්වය හමුවේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කළාකරුවන් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළාකරුවන් 66ක් සදහා වියලි ආහාර බෙදාදීමේ ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී. එම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උප සභාපති අජිත් රෝහණ සුභසිංහ මැතිතුමා, කොලොන්නාව නගර සභාවේ විපක්ෂ නායක සාලිය වික්‍රමසිංහ මැතිතුමා, කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , කොලොන්නාව සංස්කෘතික බල මණ්ඩලයේ ගරු සභාපති සිරිතුංග පෙරේරා මහතා ඇතුලු නිලධාරීන් සහභාගි විය.

 මෙරට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට අනුව කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය හා  ඒ සඳහා යොමු කරවීම, එහි දී පැන නගින ගැටළු  හා ඒවාට  යෝජිත විසදුම් පිළිබඳ විශේෂ රැස්වීමක්  කොලොන්නාව  ප්‍රාදේශීය   ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී  2021.06.17 දින පවත්වන ලදී.

මෙම රැස්වීම  කොලොන්නාව  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ  සභාපති මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ගරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා,  කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටුවේ සම සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රි මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා,කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ගරු අජිත් රෝහණ සුභසිංහ මැතිතුමා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති  ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මෙම අවස්ථාවට කොලොන්නාව  ප්‍රාදේශීය   ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා, දිස්ත්‍රික් අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ) කේ.ජී.එච්.සේනක පී.සිල්වා මහතා,බස්නාහිර   දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ (පොහොර ලේකම් කාර්යාලය), කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් අනුශ්ක සිරිවර්ධන මහතා, කොලොන්නාව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි විය.

 

 

 

 

 

 

 

 

Scroll To Top