මොබිටෙල්  ආයතනය සමග එක්ව  කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතා සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා ඇතුලු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොලොන්නාව කොට්ඨාශයේ අඩු  ආදායම් ලාභීන් හට භාණ්ඩ බෙදා දීම 2021.06.14 වන දින සිදු කරන ලදී.

 

   

 

   

 

   

    

 

 

කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ආබාධ සහිත පවුල් සඳහා වියළි ආහාර මලු බෙදා දීම.කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ආබාධ සහිත පවුල් සඳහා වියළි ආහාර මලු බෙදා දීම.

අනුග්‍රහය -  ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව

මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා සහ සමාජ සේවා නිලධාරී ශ්‍රියානි මාලේවන මහත්මිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.

 

   

 

    

 

   

කොලොන්නාව කොට්ඨාශයේ  පවතින ආපදා තත්වය නිරීක්ෂණය සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතා පැමිණි අතර කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් තුමා පැවති තත්වය දැනුවත් කිරීමෙන් පසු අවශ්‍ය අනෙකුත් ආයතන වල සහය ලබාදීම  සදහා දිස්ත්‍රික් ලේකම්තුමා එම අවස්ථාවේම එම ආයතන ප්‍රදානීන් දැනුවත් කරන ලදී. 
 
එමෙන්ම පවතින ආපදා තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමේ කටයුතු දේශපාලන අධිකාරියේ, ජනතාවගේ හා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ  දායකත්වයෙන්  පැය 24 පුරා අඛණ්ඩව සිදු කරන බව සදහන් කල යුතුය.
 
 
 

ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ නිරීක්ෂණ හා උපදෙස් අනුව පවතින ආපදා තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමේ කටයුතු තවදුරටත් පැය 24 පුරා අඛණ්ඩව සිදු කෙරේ.  මේ සදහා දේශපාලන අධිකාරියේ, ජනතාවගේ හා ග්‍රාම නිලධාරි ඇතුලු කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ  දායකත්ව මෙන්ම  පොලිස් ස්ථානාධිපති ඇතුලු කාර්යය මණ්ඩලයේ සහය ද නොවඩුව ලැබෙන බව සදහන් කල යුතුය.

 

   

   

   

   

   

   

   

Scroll To Top